Sunday, May 5, 2024

General line - 0115112241

මැදපෙළ නැවතත් අසාර්ථක වෙද්දී ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව සිහින දුරස් වෙයි

කසුන් කැලුම්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ‍්‍රී ලංකාව තබා තිබූ බලාපොරොත්තු ඊයේ (28) තවදුරටත් දුරස් වී ගියා. 

ඒ, දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුළු 09ක පරාජයක් ලැබීම හේතුවෙන්. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49. 3 කදී සියලූ දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 203ක් පමණයි. 

කුසල් ජනිත් පෙරේරා සහ අවිෂ්ක ප‍්‍රනාන්දු ලකුණු 30 බැගින් රැස් කළා. කෙසේවෙතත් සෙසු පිතිකරුවන්ට ලකුණු 30හේ සීමාව පසු කර යාමට දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. 

පන්දු යැවීමේදී ඞ්වයින් පි‍්‍රටෝරියස් ලකුණු 25කට කඩුළු 3ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම පන්දුවාර 37. 2 කදී එක් කඩුල්ලකට ලකුණු 206ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා.

නායක ෆෆ් ඩූ ප්ලේසිස් නොදැවි ලකුණු 96යි. හෂීම් අම්ලා නොදැවී ලකුණු 80ක් රැස් කළා.