Sunday, April 28, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයට එරෙහි පාකිස්තාන ජයෙන් ක්‍රීඩා ලෝලීන් නොසන්සුන් වේ - දෙපිරිස අතර ගැටුමක්

කසුන් කැලුම්




මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබඳ සිය බලාපොරොත්තු තවදුරටත් ඉහළ නංවා ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත්ව තිබෙනවා. 

ඒ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග ඊයේ (29) පැවති තීරණාත්මක තරගයෙන් කඩුළු 3 ක ජයක් වාර්තා කරමින්. 
මෙම තරගයේදී ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් පාකිස්තානු පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීම කැපී පෙනුනා. 

ලීඞ්ස්හිදී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදී කඩුළු 9 ක් දැවී ලකුණු 227 ක් රැස් කළා.

ඇෆ්ගනිස්තානු පන්දු යවන්නන් පාකිස්තානු පිතිකරුවන්ට එම ඉලක්කය පහසුවෙන් හඹා යාමට ඉඩ ලබා නොදුන් අතර ඔවුන් පාකිස්තානු ඉනිමේ මුල් කඩුළු 6 බිඳ දැමුවේ ලකුණු 156 ක් තුළයි. අවසන් පන්දුවාර දහයේදී ජයග‍්‍රහණය සඳහා පාකිස්තානු කණ්ඩායමට ලකුණු 71 ක් ලබාගත යුතුව තිබුණා. කෙසේවෙතත් ඉමාඞ් වසීම් සහ වහබ් රියාස් 8 වන කඩුල්ලට ලකුණු 24 ක  සබදතාවක් ගොඩනගමින් පාකිස්තානු කණ්ඩායම සුරැකිව  ජයග‍්‍රහණය කරා රැගෙන ගියා. 

එම තරගයේදී ඉමාඞ් වසීම් නොදැවී ලකුණු 49 ක් රැස් කළ අතර වහබ් රියාස් නොදැවී ලකුණු 15 ක් රැස් කළා.  මෙම ජයග‍්‍රහණයත් සමග පාකිස්තානු කණ්ඩායම, එංගලන්තය අභිඹවමින් ප‍්‍රසාද ලකුණු සටහනේ සිව් වන ස්ථානය දක්වා පැමිණීමට සමත්ව තිබෙනවා. 

මේ අතර මෙම තරගය නැරඹීමට පැමිණි  ඇෆ්ගනිස්ථාන සහ  පාකිස්තානු කී‍්‍රඩාලෝලීන් අතර ඊයේ ගැටුමක්ද හටගත්තා. ඒ, ලීඞ්ස්හි හීඩිංලි කී‍්‍රඩාංගණයේ සහ ඉන් පිටතදීයි. එම ගැටුමේ වීඩියෝ දර්ශනද මේ වනවිට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.

මේ අතර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ  ඊයේ පැවති තවත් තරගයකින් ජය වාර්තා කිරීමට  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත් වුණා. ඒ, නවසීලන්ත කණ්ඩායම ලකුණු 86 කින් පරාජය කරමින්. 

ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදී කඩුළු 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 243 ක්. එම ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 43 යි පන්දු 4 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 157 ක් පමණයි.

මෙම තරගයේදී  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව කඩුළු ති‍්‍රත්වයක් වාර්තා කිරීමට නවසීලන්ත වේග පන්දු යවන  කී‍්‍රඩක ටෙ‍්‍රන්ට් බෝල්ට් සමත් වුණා. ඔහු එහිදී වාර්තා පොත් අතරට එක් වුණේ ලෝක කුසලාන තරගාවලියක කඩුළු ති‍්‍රත්වයක් දවා ගත් පළමු නවසීලන්ත පන්දු යවන්නා ලෙසයි. 

ටෙ‍්‍රන්ට් බෝල්ට් සිය එක්දින දිවියේ වාර්තා කළ දෙවන කඩුළු ති‍්‍රත්වයද මෙය වනවා. මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ වාර්තා වූ දෙවන කඩුළු ති‍්‍රත්වය මෙයයි.