Sunday, April 28, 2024

General line - 0115112241

අවිශ්ක සිය මංගල එක්දින ශතකය වාර්තා කරයි

සජිත් තිලකරත්න / තරංග රුක්ෂාන් ජයසේකර




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ මෙතෙක් ශී‍්‍ර ලංකා කණ්ඩායම ප‍්‍රදර්ශනය කළ විශිෂ්ටතම දස්කම්, බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායමට එරෙහි තරගයේදී මේ වනවිට ප‍්‍රදර්ශනය කරමින් සිටිනවා. ඒ, තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් මෙවර ලෝක කුසලානයේ පළමු වරට ලකුණු 300 සීමාව පසුකර යමින්. එහිදි අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිස විශිෂ්ට ඉනිමක් කී‍්‍රඩා කළ අවිශ්ක ප‍්‍රනාන්දු පන්දු 103 කදී ලකුණු 104 ක් රැස් කළා. ඊට හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් ඇතුළත්. 

අවිශ්ක ප‍්‍රනාන්දු රැස්කළ මෙම ශතකය වාර්තා වූයේ මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිතිකරුවකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. එමෙන්ම මෙම ශතකය ඔහුගේ මංගල එක්දින ශතකය වීමද විශේෂත්වයක්. මීට අමතරව කුසල් ජනිත් පෙරේරා පන්දු 51කදී ලකුණු 64ක් රැස් කළා. 

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා පිල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 6ක් දැවී ලකුණු 338ක් රැස් කිරීමට සමත් වුණා. කොදෙව් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වනවිටත් ලෝක කුසලානයෙන් ඉවත් වී සිටින බැවින් අද තරගයේ තීරණය තරගාවලියට බලපෑමක් සිදු වන්නේ නැහැ.                                                

..................................................................

කොදෙව්වන්ට එරෙහිව දිමුත්-කුසල් ගෙන් සාර්ථක ආරම්භයක්

(01-07-2019 16:17)

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා. 

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා පිළ අද දිනයේද සාර්ථක ආරම්භයක් ලබා ගත්තා. පන්දුවාර 12.3ක් අවසන් වනවිට ශී‍්‍ර ලංකා පිල කිසිවෙකු නොදැවී රැස්කර ගෙනසිටි ලකුණු සංඛ්‍යාව 72 ක්. 

නොදැවී පන්දුවට පහර දෙන කුසල් ජනිත් පෙරේරා ලකුණු 45ක් සහ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 24ක් රැස්කර ගෙන සිටිනවා. තරගයේ කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව්වන් පළමුව තීරණය කළේ පන්දු රැකීමටයි. 

 

...............................

ගෞරවය වෙනුවෙන් ශී‍්‍ර ලංකාව සහ කොදෙව්වන් ලෝක කුසලාන පිටියට

(01-07-2019 15:17)

 

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය දැන් පැවැත්වෙනවා. ඒ, එංගලන්තයේ චෙස්ටර් ලී ස්ටී‍්‍රට්හිදීයි. කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව්වන් පළමුව පන්දු රැකීමට තීරණය කළා. ශී‍්‍ර ලංකා පිළ අද (01) තරග බිමට පිවිසෙන්නේ වෙනස්කම් තුනක් සහිතයි.

ඒ අනුව දකුණු අපි‍්‍රකාව සමග පැවැති තරගයේ කී‍්‍රඩාකළ ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා සහ සුරංග ලක්මාල් වෙනුවට ළහිරු තිරිමාන්න, ජෙෆ්රි වැන්ඩසේ සහ කසුන් රාජිත අද කණ්ඩායමට කැදවා තිබෙනවා. ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් මේ වනවිටත් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්ව ඇති අතර අද තරගයේදී දෙපිළම සිය ගෞරවය රැක ගැනීම වෙනුවෙන් තරග වදිනු ඇති.