Sunday, May 5, 2024

General line - 0115112241

සෝෆා ගිවිසුම කුමකටද ? මන්ත්‍රි විමල් අමෙරිකානු තානාපතිවරියගෙන් විමසයි




කඳවුරු සෑදීමේ උවමනාවක් නොමැති නම් ශ්‍රී ලංකාවම තම යුද තිප්පොලක් කළ හැකි වගන්ති ඇතුළත් සෝෆා ගිවිසුම කුමකටදැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය පැහැදිලි කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් නිකුත් කර ඇති ට්විටර් පණිවිඩයකට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්.

ශ්‍රී ලංකාව තුළ අමෙරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට කිසිදු සැලසුමක් හෝ වුවමනාවක් නොමැති බවටයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය අදාල ට්විටර් සටහනේ දක්වා තිබුණේ. එවැනි වුවමනාවක් නොමැති නම් අමෙරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය වෙත එවා ඇති හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම හෙවත් සෝෆා ගිවිසුමට අදාල ලේඛනයේ සඳහන් කරණු මොනවදැයි හෙළි කරන ලෙයසි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පෙන්වා දෙන්නේ.

මෙතෙක් ඒ සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිනිය හා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන අතර සිදුකර ඇති සාකච්ඡාවලදී පැමිණි එකගතාවන් කවරාකාරදැයි හෙළි කරන ලෙසද එම නිවේදනයේ දැක්වෙනවා.