Thursday, May 2, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා පිලට හා කොදෙව් පිලට අයි සී සීයෙන් දඩ

කසුන් කැළුම්




ශ‍්‍රී ලංකා කණ්ඩායමට සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, දෙරට අතර ඉකුත්දා පැවති ලෝක කුසලාන තරගයේදී දෙපිලම නියමිත කාලයට පන්දුවාර 50, ක‍්‍රියාත්මක නොකිරීම හේතුවෙන්.

ඒ අනුව ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට හා කෙදෙව් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර්ට තරග ගාස්තුවෙන් සියයට 40 බැගින් දඩ නියම කිරීමටයි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත්තේ.

ඊට අමතරව එම කණ්ඩායම් දෙකේ සෙසු ක‍්‍රීඩකයින්ට ද තරග ගාස්තුවෙන් සියයට 25 බැගින් දඩ පනවා තිබෙනවා.

මෙම නායකයින් දෙපල ඉදිරි මාස 12 තුළ යළිත් මෙවැනි වරදක් සිදු කළහොත් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් ඔවුන්ට තරග තහනමක් පනවනු ඇති.