Sunday, May 5, 2024

General line - 0115112241

ලෝක කුසලානයේදී අවස්ථාවක් නොලැබුණු ඉන්දීය පිතිකරුවෙක් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගනී

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ අංක 04 පිතිකරුවා ලෙස කලක් කටයුතු කළ අම්බති රයිදු ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

33 හැවිරිදි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ ඉන්දියාව මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිස දිනකට පසුවයි.

ගැටළුවක්ව පවතින ඉන්දීය කණ්ඩායමේ අංක 04 පිතිකරු ස්ථානය වෙනුවෙන් මෙවර ලෝක කුසලාන සංචිතයට අම්බති රයිදු කැඳවනු ඇති බවට විශ්වාසය පළ වුණා. එහෙත් ඒ වෙනුවට තුන් ඉරියව් ක‍්‍රීඩක විජය ශංකර් කැඳවූ අතර ඔහු ආබාධයට ලක්වීමෙන් පසු නවක ක‍්‍රීඩකයෙකු වන මයන්ක් අගර්වාල් කැඳවීමටයි තීරණය කළේ.

ශිකර් ධවාන් ආබාධයට ලක්වූ අවස්ථාවේද අම්බති රයිදුට කැඳවීමක් සිදු වුයේ නැහැ. එක්දින තරග 55ක දී ඉන්දියාව නියෝජනය කරමින් ලකුණු 1694ක් රැස්කර ඇති ඔහුගේ ඉල්ලා අස්වීමට එය ද බලපාන්නට ඇති බවයි ප‍්‍රකාශ වී ඇත්තේ.