Tuesday, May 7, 2024

General line - 0115112241

පොලිස් නිළධාරීන්ට පහරදී රිවෝල්වරය පැහැර ගැනීමේ සිදුවීමට 19ක් අත්අඩංගුවට

හේමන්ත කහවලගේ




මඩකලපුව, පූදූර් ප‍්‍රදේශයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදී එක් නිලධාරියෙකුගේ රිවෝල්වරයක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 19 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

රියැදුරු බලපත‍්‍ර නොමැතිව යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා. පසුව එම පුද්ගලයින් දෙදෙනා පොලිස් ස්ථානයට රැගෙන යන අතරතුර තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එම මාර්ගය හරස් කර තිබුණේ පොලිස් නිලධාරීන් දෙදෙනාටද බාධා සිදු කරමින්. 

එම අවස්ථාවේ පැමිණි පුද්ගලයින් දෙදෙනාගේ යතුරු පැදිය බිම අද වැටී ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි ගම්වාසීන් කිහිපදෙනෙකු, පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදී තිබෙනවා. පසුව එක් පොලිස් නිලධාරීයෙකුගේ රිවෝල්වරයක් එලෙස පැමිණි පිරිසෙන් කවුරුන් හෝ අයෙකු පැහැරගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. රිවෝල්වරය පැහර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශණ සිදු කෙරෙනවා.