Tuesday, May 7, 2024

General line - 0115112241

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇනහිටියි




පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව අද කි‍්‍රයාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

 එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පැවසුවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ පරිඝණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් එක්දින සේවාව අද කි‍්‍රයාත්මක නොවන බවයි. 

මේ වනවිට එම පරිගණක පද්ධතිය යථාතත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.