Wednesday, May 8, 2024

General line - 0115112241

වෛද්‍ය සාෆි වඳ සැත්කම් සිදු කළ බව අතුරු වාර්තාවකින් හෙළිවෙයි

හේමන්ත කහවලගේ




කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය, සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි විසින් සිදු කළ සැත්කම් සම්බන්ධයෙන් ලැබී ඇතිි පැමිණීලි පිළිබඳ කෙරුණු මූලික් විමර්ශනයේ අතුරු වාර්තාවක් එම රෝහලේ අධක්‍ෂවරයා විසින් අධිකරණය වෙත භාර දී තිබෙනවා. ඒ අනුව මෙම වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම් 4372ක් සහ සාමාන්‍ය දරු ප‍්‍රසූති 79ක් සිදු කර ඇති බවයි එම අතුරු වාර්තාවේ දැක්වෙන්නේ. 

මෙම වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම් සිදු කළ සිංහල මව්වරුන් සංඛ්‍යාව 3479ක්. මුස්ලිම් මව්වරුන් 860දෙනෙකුට සහ දමිල මව්වරුන් 33දෙනෙකුට ද වෛද්‍ය, සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි විසින් සිසේරියන් සැත්කම් සිදු කර තිබෙනවා. 

ඒ අනුව අදාළ මව්වරුන් කළ පැමිණිලි අනුව සිදු කළ පරීක්ෂණවලදී මෙම වෛද්‍යවරයා ඉතා වේගයෙන් සහ සම්මත ක‍්‍රමවේදයෙන් බැහැරව සිසේරියන් සැත්කම් සිදු කර ඇති බව අනාවරණවී ඇතැයි අධිකරණයට ඉදිරිපත් කළ එම අතුරු වාර්තාවේ දැක්වෙනවා. එමගින් මවකගේ පැලෝපීය නාලය ඇතුළු අවයව කිහිපයක මෘදු පටක සහ ඒ ආශි‍්‍රත ව්‍යුහාත්මක වෙනස් වීමක් හෝ වෙනත් අයුරකින් හානියක් සිදු විය හැකි බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. 

වෛද්‍ය, සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සිසේරියන් සැත්කම් කළ මව්වරුන්ගේ ඉන්ද්‍රියන් වල ව්‍යූවහයට සහ කි‍්‍රයාකාරීත්වයට යම් හානියක් සිදුව ඇත්නම් එය පරීක්ෂා කිරීමට නවීන තාක්ෂණ ක‍්‍රමවේදයක් භාවිත කළ යුතු බව ද එම අතුරු වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.  ඒ හරහා මව්වරුන්ගේ මද සරුභාවය සම්බන්ධයෙන් නිගමනයකට එළඹිය හැකි බවයි එහි දැක්වෙන්නේ. වෛද්‍ය, සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව සිිංහල මව්වරුන් පැමිණිලි 766ක් සහ මුස්ලිම් මවක විසින් පැමිණීිලි ඉදිරිපත් කර තිබූ බව එම අතුරු වාර්තාවේ සඳහන්.