Wednesday, May 8, 2024

General line - 0115112241

මරණ දඬුවම 17 තෙක් ක්‍රියාත්මක නොකිරීමට අධිකරණයට පොරොන්දුවක්




මත්ද්‍රව්‍ය සම්බන්ධ්‍යයෙන් මරණ දඬුවම දිය යුතු පුද්ගලයින්, ස්ථානය හෝ දිනය පිළිබඳ ජනාධිපතිවරයා මෙතෙක් තමන් වෙත දැනුම් දී නොමැති බව බන්ධනාගාර කොමසාරිස්වරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. 

ඒ, මරණ දණ්ඩණය ක‍්‍රියාත්මක කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම අද විභාගයට ගැනුණු අවස්ථාවේදීයි. ඒ අනුව ඊට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබද නියෝගය ජූලි මස 17 දා ප‍්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද දින ලබා දුන්නා .

මේ අතර මරණ දණ්ඩණය නියම වූ කිසිදු සිරකරුවකු ජූලි මස 17 දා තෙක් එල්ලා නොමරන බවට බන්ධනාගාර කොමසාරිස්වරයා අද අභියාචනාධිකරණයේදී පොරොන්දු වී තිබෙනවා.

මේ වන විට මරණ දණ්ඩණය සම්බන්ධයෙන් කිසිදු ලේඛනයක් තමා වෙත ලැබී නොමැති බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා අධිකරනයට දැනුම් දී ඇත්තේ. යම් කිසි ආකාරයට ඒ සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු අධිකරනයට දැනුම් දෙන බවට ද බන්ධනාගාර කොමසාරිස්වරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා .