Tuesday, May 7, 2024

General line - 0115112241

අසනීප වූ දරුවා රැගෙන ඒමට ගිය පියාට හමුදා සෙබළෙකු වෙඩි තැබූ සිදුවීම ගැන පරීක්ෂණයක්

කසුන් කැළුම්/ දිල්ශාන් තුෂාර




අක්මීමන මානවිල උපනන්ද ප‍්‍රාථමික විද්‍යාලයේදී යුද හමුදා සෙබළෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

මෙලෙස මියගොස් තිබුණේ මෙම පාසලේ ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ පියෙක්. පාසලේදී අසනීප වූ සිය දරුවා රැගෙන යාමට පැමිණි අවස්ථාවේ එහි ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබළා සහ මෙම පුද්ගලයා අතර බහින්බස්වීමක් සිදුව තිබුණා. එම පුද්ගලයා යුද හමුදා සෙබළාගේ ගිනිඅවිය බලහත්කාරයෙන් උදුරා ගැනීමට තැත් කළ අවස්ථාවේ එම සෙබළා විසින් වෙඩි තබා ඇති බවයි පොලීසිය පැවසුවේ. 

මෙම සිද්ධිය පිළිබඳ යුද හමුදාපතිවරයාගේ නියමයෙන් යුද හමුදා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා. මෙම සිද්ධියෙන් මියගියේ 31 හැවිරිදි පිලාන ප‍්‍රදේශයේ දෙදරු පියෙක්. ඔහු නාවික හමුදාවේ තූර්ය වාදක කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකු බවද පොලීසිය සඳහන් කළා.