Sunday, May 5, 2024

General line - 0115112241

සාකච්ඡා වලට සහභාගී නොවූ අය කියන කතා වගකීම් විරහිතයි

සමන්ත කුමාර/ සජිත් තිලකරත්න




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් ගොඩනැගීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් එම සාකච්ඡා වලට සහභාගී වන නියෝජිතයින් 06දෙනා හැර අනෙක් පාර්ශව සිදු කරන ප‍්‍රකාශවල වගකීමක් ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම පවසනවා. 

කිසියම් ගැටලූවක් ඇත්නම් මීලග සාකච්ඡා වාරයේදී දෙපාර්ශවයටම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අවස්ථාව පවතින බවයි මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේ. නව සන්ධානයක් ගොඩනැගීම සඳහා මාස 03ක පමණ කාලයක් සාකච්ඡා පැවැති බවත්, එහිදී කිසිඳු ගැටළුවක් මතු නොවුනු බවත්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම කියා සිටියා. බාහිර පාර්ශවයන් මෙම සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට යාමෙන් ගැටලූ මතුවන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ. 

නව සන්ධානයක් ගොඩනැගීම සඳහා වන සාකච්ඡාවලට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී එල් පීරිස් සහ ආචාර්ය ජගත් වැල්ලවත්ත සහභාගී වනවා.  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුනේ ඊට එක්වන නියෝජිතයින් වන්නේ පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර, හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාලයි.