Wednesday, February 12, 2025

General line - 0115112241

යාපනයේ ජාවාරම්කරුවන් 10ක් අත්අඩංගුවට




යාපනය ප‍්‍රදේශයේ විවිධ ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පලෙයි පොලීසිය සතියක කාලයක් පුරා සිදු කළ වැටලීමක ප‍්‍රතිඵලයක් ලෙසයි.

ඒ අතරට නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයින් 7 දෙනෙකුද ඇතුළත්.

මීට අමතරව නීති විරෝධීව වැලි ජාවාරමේ නිරත වූ පුද්ගලයින් තිදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ බීමත් රියදුරන් හයදෙනෙකුද එම කාලයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

විවිධ වැරදි සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර සිටි පුද්ගලයින් 4 දෙනෙකුද අත්අඩංගුවට ගැනුනා.