Monday, May 6, 2024

General line - 0115112241

එංගලන්තය අවසන් මහා තරගයට

කසුන් කැළුම්




වසර 27කට පසු ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අවසන් පූර්ව තරගයෙන් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුලූ 8කින් පරාජය කරමින්. ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ අවසන් පූර්ව තරගයකදී ඔස්ටේ‍්‍රලියාව පරාජයට පත් වු පළමු අවස්ථාව ද මෙය වනවා. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගත්තේ ලකුණු 223ක් පමණයි. එංගලන්ත කී‍්‍රඩකයින් කඩුළු 02ක් පමණක් දැවී 33 වන පන්දුවාරයේදී එම ඉලක්කය පසු කළා. 

මෙම තරගයේදී ප‍්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් මේ වනවිට විවේචන ඉදිරිපත් වෙමින් තිබෙනවා. මෙලෙස විවේචනයට ලක් වන්නේ ලකුණු 85ක් ලබා සිටියදී එංගලන්ත කී‍්‍රඩක ජේසන් රෝයි දැවී ගිය කී‍්‍රඩකයෙකු ලෙස නම් කරමින් කුමර ධර්මසේන ලබාදුන් තීරණයයි. කඩුළු රකින්නා විසින් රැක ගත් උඩපන්දුවකින් ඔහු දැවී ගිය බව කුමාර ධර්මසේනගේ තීරණය වුණා. එහෙත්, පුනරූපන වීඩියෝ දර්ශනවලින් පෙනී ගියේ එම පන්දුව කඩුළු රකින්නා විසින් රැක ගන්නේ පිත්තේ නොදැවටී බවයි. ජේසන් රෝයි පිටියෙන් ඉවත්වූයේ ද විනිසුරු තීරණයට විරෝධය පළ කරමින්. 

කෙසේ වෙතත් ජෝ රූට් නොදැවී ලකුණු 49ක් සහ නායක ඉයොන් මෝ්ර්ගන් නොදැවී ලකුණු 45ක් රැස් කරමින් එංගලන්ත කණ්ඩායම සුරැකිව අවසන් මහ තරගය කරා රැගෙන ගියා. ඒ අනුව ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී නවසීලන්තය සමග එංගලන්තය තරග වැදීමට නියමිතයි. 

1996 වසරෙන් පසු ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියක ඔස්ටේ‍්‍රලියාව හෝ ශී‍්‍ර ලංකාව නොමැති අවසන් මහ තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙය වනවා.