Friday, May 10, 2024

General line - 0115112241

තේරීම් කාරක සභාවේ ප්‍රශ්ණ අගමැතිට කලින්ම ලැබී ඇති බව පොහොට්ටුව කියයි

ලහිරු කපුගේ




පාස්කු ප්‍රහාරය පිළිබඳ සාක්ෂි විමසීමට පෙර තේරීම් කාරක සභාව විසින් අග්‍රාමාත්‍යවරයාට සියළු ප්‍රශ්න දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද ප්‍රකාශ කළා. ඒ ශ්‍රී ලංකා පොදුජණ පෙරමුණ අද (13) කැදවා තිබූ මධ්‍ය හමුවකදීයි.

"වික්‍රමසිංහ මහත්තයා එන්න කලින්ම යන්න හදනවා. තේරීම් කාරක සභාවෙන් කියනවා සර් බය නැතුව එන්න. අපිමයි ප්‍රශ්න හැදුවේ. මෙන්න අහන ප්‍රශ්න වලට උත්තර කියලා. මේ තේරීම් කාරක සභාව පාර්ලිමෙන්තුවටම ලැජ්ජාවක්. බය නැති අගමැති, මොකද ආණ්ඩුව ඔවුන්ගේ නේ" මන්ත්‍රීවරයා කියා සිටියා.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙමින් තිබෙන අවස්ථාවක අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා අතර පැවති සාකච්ඡාවක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (12) කළ ප්‍රකාශයටද මන්ත්‍රීවරයා මෙහීදී ප්‍රතිචාර දැක්වූවා.