Friday, May 10, 2024

General line - 0115112241

ඇවන්ගාර්ඞ් සභාපතිගේ චෝදනාවලට නාවික හමුදාවෙන් පිළිතුරු

හේමන්ත කහවලගේ




ඇවන්ගාර්ඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අවි ආරක්ෂන මෙහෙයුම් සම්බන්ධයෙන් නගන චෝදනා වලට නාවික හමුදාව අද ප්‍රතිචාර දැක්වුවා. ඇවන්ගාර්ඞ් සමාගමේ සභාපතිවරයා ප්‍රකාශකර තිබුනේ නාවික හමුදාවේ පහළ ස්තරයේ අවි ආරක්ෂන කටයුතු භාරව සිටි දූෂීත නිලධාරීන් නීති විරෝධී අවි ආයුධ 800කට වැඩි ප්‍රමාණයක් ඩොලර් 5000ක මුදලකට විදේශිකයන්ට අලෙවි කර ඇති බවයි.

මෙම අවි ආයුධ අයි එස් සහ අල් කයිඩා යන සංවිධාන අතට පත්ව ඇති බවයි ඇවන්ගාර්ඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සඳහන් කර සිටියේ. අත්අඩංගුවට ගත් ආයුධ රැගත් විදෙස් නෞකාවක් මුදා හැරීමට නාවික හමුදාව කටයුතු කළ බවත් තමන්ට අයත් නීත්‍යානුකූල නෞකාවක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කළ බවත් ඔහු සඳහන් කළා. 

මෙම චෝදනා වලට නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.