Friday, May 10, 2024

General line - 0115112241

අමාත්‍යධූර ලබාදුනහොත් රීෂාඞ්ට එරෙහිව යළි විශ්වාසභංගයක් ගෙන එන බව රතන හිමියන් කියයි

කසුන් කැලුම්




රිෂාඞ් බදුයුදීන්ට යළි අමාත්‍ය ධූරය ලබා දීමට කටයුතු කළහොත් ඔහුට එරෙහිව යළිත් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද ප්‍රකාශ කළා. ඒ මාවතගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනා ජයග්‍රහණය කළද ඔවුන්ට රටේ ජනතාවගේ විශ්වාසය දිනාගත නොහැකි බවයි උන්වහන්සේ මෙහිදී කියා සිටියේ.