Friday, May 10, 2024

General line - 0115112241

ෆයිසර් මුස්තාපාට එරෙහිව සාක්ෂි හමු වූ හැටි නිශ්ශංක හෙළි කරයි

හේමන්ත කහවලගේ/ලහිරු කපුගේ




අවි ආරක්ෂණ මෙහෙයුම්වලදී නීතිවිරෝධි ගනුදෙනු සිදුකර නොමැති නම්, ඒ පිළිබඳ තමන් සමග ප‍්‍රසිද්ධ විවාදයකට එන්නැයි ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆයිසර් මුස්තාපාට අභියෝගයක් සිදු කළා.

කෙසේවෙතත් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ෆයිසර් මුස්තාපා මන්තී‍්‍රවරයා ඊයේ (13) ප‍්‍රකාශ කළේ අදාළ චෝදනා තමන් ප‍්‍රතික්‍ෂේප කරන බවයි.

ෆයිසර් මුස්තාපාගේ එම ප‍්‍රකාශයට ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ප‍්‍රතිචාර දැක්වූවා. එහිදී ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆයිසර් මුස්තාපා අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් බවයි.

"මේ පුද්ගලයා මගේ ඔෆිස් එකට ඇවිල්ලා මගෙන් සමාව ඉල්ලුවා. මම කිව්වා ඇමතිවරයා ලැජ්ජ නැතුව එන්න එපා ඔෆිස් එකට...කවුද? මේ..  ෆයිසර් මුස්තාපා. මම කිව්වා එළියෙදි හම්බවෙන්න මං කියලා දෙන්නම් කියලා. මම කිව්වා මේ හොරට වෙපන් විකුණපු කම්පැනිය වහන්න කියලා.. මගේ අත්දෙක අල්ලලා වැන්දා. "

පාර්ලිමේන්තු මන්ති‍්‍ර ෆයිසර් මුස්තාපාට එරෙහි අදාළ චෝදනා සාක්ෂි සහිතව ඔප්පු කිරීමටද තමන් සූදානම් බවයි ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති වැඩිදුරටක් සඳහන් කළේ.