Sunday, April 28, 2024

General line - 0115112241

පුබුදු දසනායක අමෙරිකානු කි‍්‍රකට් පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වේ

කසුන් කැළුම්




අමෙරිකානු ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ පුබුදු දසනායක එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අමෙරිකානු කි‍්‍රකට් බලධාරීන් සමග පැවැති මතභේදයක් හේතුවෙන් ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

පුබුදු දසනායක වෙනුවට අමෙරිකානු ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය පිතිකරුවෙකු වන කිරන් මෝ පත් කර තිබෙනවා. පුබුදු දසනායක කලක් නේපාල ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කළා.