Tuesday, April 30, 2024

General line - 0115112241

යුධ හමුදා සෙබලෙක් සියදිවි හානිකර ගනියි 

දිනුක් හේවාවිතාරණ




තිස්සමහාරාම, කාවන්තිස්සපුර ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරකදී හමුදා කෝප්‍රල්වරයෙකු ගෙළ වැළලාගෙන දිවි හානිකරගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කෝප්‍රල් ප්‍රේමතිලක නම් 41 ක් හැවිරිදි විවාහක පුද්ගලයෙක් බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කලේ.

අද (27) පෙරවරුවේ එම කඳවුරේ සිටි තවත් සෙබළෙකු විසින් සිද්ධිය දැක ඒ පිළිබඳව සිය කඳවුරේ ඉහල නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. මෙම යුධ හමුදා කෝප්‍රල්වරයා අම්පාර ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි යුධ හමුදාව ප්‍රකාශ කලේ.

හමුදා කෝප්‍රල්වරයා සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිය මුලික විමර්ශන ආරම්භ කර ඇත.