Saturday, September 21, 2024

General line - 0115112241

පයින් යන දේශපාලනඥයින්ට ජනපතිගෙන් පණිවුඩයක්




ජනතා ඡන්දයෙන් පත් වූ මහජන නියෝජිතයින්ගේ වගකීම වන්නේ කරගැට එනතුරු මහපාරේ පයින් යෑම නොව රට ගොඩනැගීමට එක්වීම බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ඒ පොළොන්නරුවේ අද (31) පැවති උත්සවයකට එක්වෙමින්. ජනාධිපතිවරයා එහිදී මෙලෙස අදහස් දැක්වූවා.

“මේ රට දියුණු කරන්න මහ පාරේ කරගැට එනකන් පයින් ගිහිල්ලා හරියන්නේ නැහැ. දේශපාලඥයෝ විදිහට , දේශපාලන පක්ෂ විදිහට තේරුම්ගත යුතු වනවා රට දියුණු කළ යුතු අපේ ප්‍රතිපත්තිය මොකක්ද කියන එක. අද අපිට ලෝකයේ ඉහළ ප්‍රසාදයක් තියෙන්නේ මේ රටට , මේ ආණ්ඩුවට.

ලෝකයේ රාජ්‍ය නායකයින්ගේ , එක්සත් ජාතීන්ගේ ඉඳලා පිළිගැනීමක් තියෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුවෙලා රට ඉස්සරහට ගෙන යන හින්දයි. මේක සමහර අයට හුරු නැහැ , සමහර අයට පුරුදු නැහැ. මොකද අවුරුදු 60 ක් 65ක් මරාගෙන පුරුදු වෙලා තමයි ඒ පුරුද්ද තියෙන්නේ.

ඡන්ද වළින් මරාගෙන , ගෙවල් ගිනිතියාගෙන , රස්සාවළින් එළියට දාලා , අත පය කඩලා , වාහන ගිනිතියලා. ඒකනේ මේ දේශපාලන පක්ෂ දෙකේ ඉතිහාසය මැතිවරණ වලදි. ඒක තමයි ඇත්ත කතාව. ඒක නැතුව එකට එකතුවෙලා , රටත් විදිහට මේ රට ගොඩනගමුයි කියලා එකතු වුණාම ඒකට දෙපැත්තට අදිනවා”.

කිසිදු ආණ්ඩුවක් නොකළ වැඩකොටසක් තම ධුර කාලය තුළ රට වෙනුවෙන් ඉටු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.