Sunday, April 28, 2024

General line - 0115112241

පදියතලාව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

ලහිරු කපුගේ/හර්ෂිකා සංජීවනි




පදියතලාව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඊයේ ප‍්‍රාදේශීය සභා රැස්වීම අතරතුරදී එහි සේවකයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

පහර කෑමට ලක්වූ සේවකයා රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු තිදෙනා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබුණේ.