Sunday, April 28, 2024

General line - 0115112241

ජපානයේ උෂ්ණත්වය ඉහළට - 11 ක් මරුට

පවිත්‍රා මදුහර්ෂනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජපානයේ ප‍්‍රදේශ රැසක උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ අධික උෂ්ණත්වය හමුවේ ඉකුත් සතිය තුළ පමණක් ජපානයේ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එසේම විවිධ ආසාත්මිකතා මෙන්ම රෝගාබාධයන්ට ලක්වූ පුද්ගලයින් 5000 ක් පමණ රෝහල් ගත කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් අතර සිටින 28 හැවිරිදි පුද්ගලයෙකු ජපානයේ උද්‍යානයක මැස්කට් ඇඳුමක් හැඳ සිටි පුද්ගලයෙක්.

එම ඇඳුම කිලෝ ග‍්‍රෑම් 16 ක් පමණ බරකින් යුතු වන අතර අදාළ පුද්ගලයා එම ඇඳුමින් සැරසී විනාඩි 20 ක පමණ කාලයක් නර්තනයේ නිරත වී තිබෙනවා.

අනතුරුවයි ඔහු මියගොස් ඇත්තේ. සිද්ධියෙන් අනතුරුව මැස්කට් ඇඳුම් වලින් සැරසී විනෝද උත්සව වලට සහභාගී වීම අත්හිටුවීමට උද්‍යාන බලධාරීන් තීරණය කර කළා.