Wednesday, May 15, 2024

General line - 0115112241

ජනාධිපති අපේක්ෂකයාට පෙර පොදු සන්ධානය ගොඩනැගීම ප්‍රායෝගික නෑලු



ජනාධිපති අපේක්ෂකයා පත් කිරීමට පෙර පොදු සන්ධානයක් ගොඩනැගීම ප‍්‍රායෝගික නොවන බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.

අමාත්‍යවරයා ඒ බව ප‍්‍රකාශ කළේ ඊයේ (31) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්. 

ඉදිරි ජනාධිපතිවරණයේදී අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම අනිවාර්යය බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර අධිකරණ කි‍්‍රයාවලිය සහ රාජ්‍ය පරිපාලනය ඩිජිටල්කරණයකට ලක් කළ යුතු බව ද කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා. 

ඒ තුළින් කාර්යක්ෂම රාජ්‍ය පරිපාලනයක් සහ අධිකරණ කි‍්‍රයාවලියක් ගොඩනැගිය හැකි බවයි ප‍්‍රකාශ කළේ. අධිකරණ කි‍්‍රයාවලියේ ප‍්‍රමාදයන් හේතුවෙන් බරපතල වංචා දූෂණවලට සම්බන්ධ වන පුද්ගලයින්ට දඬුවම් ලබා දීම ද ප‍්‍රමාද වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි. 

(නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටහන අද (01) රාතී‍්‍ර 07.30 සිට සජීවීව ප‍්‍රචාරය කෙරෙනවා.)