Monday, April 29, 2024

General line - 0115112241

ඔසාමාගේ පුත්‍රයා හම්සා මිය ගිය බව අමෙරිකාව කියයි

පවිත්‍රා මදුහර්ෂනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අල්කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත‍්‍රයා වන හම්සා බින් ලාඩන් මිය ගොස් ඇතැයි අමෙරිකානු බුද්ධි අංශ පවසනවා.

එහෙත් ඔහු මියගියේ කවදාද?, කෙසේද? හෝ කුමන ස්ථානයකදීද? යන්න අමෙරිකාව මෙතෙක් තහවුරු කර නැහැ.

30 වන වියේ පසුවූ හම්සා බින් ලාඩන් වරින් වර හඬ පට හා වීඩියෝ පට නිකුත් කරමින් අමෙරිකාවට ප‍්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇගවීම් නිකුත් කළා.

ඒ හමුවේ හම්සා බින් ලාඩන් පිළිබඳ තොරතුරු ලබා දෙන පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් ලබා දෙන බවයි අමෙරිකාව මීට පෙර පවසා තිබුණේ.