Saturday, May 4, 2024

General line - 0115112241

බැලුම්ගල නීතිය ඉදිරියේ නිවරැදි බව ඔප්පු කරයි




වැලි ජාවාරමක් සම්බන්ධයෙන් නෙත් එෆ්. එම්. බැලුම්ගල කළ අනාවරණයකට අදාළව මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් බැලුම්ගල කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකුට එරෙහිව පනවා තිබූ දඬුවම කලුතර පළාත්බද මහාධිකරණය විසින් අද (01) ඉවත් කරනු ලැබුවා.

ඒ, මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබා දුන් දඬුවම අභියෝගයට ලක් කරමින් කලුතර පළාත්බද මහාධිකරණයේ ගොනු කළ අභියාචනා පෙත්සමේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින්.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන බැලුම්ගල කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා කියා සිටියේ බැලුම්ගල කණ්ඩායම අදාළ සිද්ධියේදී යහපත් චේතනාවෙන් සමාජ වගකීමක් ඉටු කිරීම සඳහා කටයුතු කර ඇති බව පෙන්වා දුන් බවයි.