Saturday, May 4, 2024

General line - 0115112241

මහනුවර ඇසළ පෙරහැරේ ආරක්‍ෂාවට පොලීසියෙන් හත් දහසක්

කමල් සුරවීර / හේරත් ඒකනායක




මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්‍ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඇතුළුව පොලිස් නිලධාරීන් හත් දහසක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

මහනුවර පොලිස් ස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඒ බව සදහන් කළා. මහනුවර ඇසළ පෙරහැර හේතුවෙන් ලබන 5 වනදා සිට 15 වනදා දක්වා මහනුවර ප්‍රදේශයේ සුරාසැල් ද වසා තැබෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ.