Saturday, May 4, 2024

General line - 0115112241

ලබන 3දා විශේෂ තීරණයක් ගන්න ඇමති බදියුදීන් සැරසෙයි

මාධව කුලසූරිය - වවුනියාව




එල්ල වු සියළු චෝදනාවන් සම්බන්ධයෙන් තමාට කිසිදු සම්බන්ධයක් නොමැති බව ආරක්ෂක අංශ පවසන අවස්ථාවක දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කරන පිරිසක් නැවත විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට උත්සහ දරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්යභ රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අද (01) පැවති වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසූවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ තමන් වෙත එල්ල වු චෝදනාවන්ට කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති බව තහවුරු කොට ඇති බවයි.

තම පක්ෂය ඉදිරි මැතිවරණ වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් එළැඹෙන 03 වැනිදා තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.