Sunday, May 5, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ගෙන් පූජිත්ට චෝදනා

දිල්ෂාන් තුෂාර/කසුන් කැළුම්




පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද පෙනී සිටියා.

ඔහු එහිදී සාක්‍ෂි ලබාදෙමින් කියාසිටියේ අන්තවාදී ජාතික තව්හිද් ජමාත් සංවිධානය පිළිබද පරීක්‍ෂණයක් සිදුකරනවා ද යන්න තමන් අනිවාර්ය නිවාඩු යැවුණු පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් විමසීමක්ද සිදුකර ඇති බවයි.  
 

පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට පොලීසියට අවකාශයක් තිබූ බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.