Saturday, May 4, 2024

General line - 0115112241

මරදාන නිවසක වෙඩි තැබීමක්




මරදාන, මාලිගාකන්ද පාර ප‍්‍රදේශයේ නිවසක් තුළ ඊයේ රාති‍්‍ර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. 

මුදල් ආරවුලක් හේතුවෙන් එම නිවසේ පදිංචි පුද්ගලයෙකු සහ එහි පැමිණි තවත් පුද්ගලයෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. එලෙස නිවසට පැමිණි පුද්ගලයා විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා. 

තුවාල ලැබු නිවසේ සිටි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය සදහන් කළේ. වෙඩි තැබීම සිදුකළ සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා මරදාන පොලීසිය මගින් විමර්ශන කි‍්‍රයාත්මකයි.