Saturday, May 4, 2024

General line - 0115112241

එජාපයේ ජනපති අපේක්ෂක අර්බුධය දේශපාලන වේදිකාවට

දිල්ෂාන් තුෂාර




එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ යෝජිත නව පෙරමුණ සිය ජනාධිපති අපේක්‍ෂකයා තෝරාගත යුත්තේ නායකත්ව මණ්ඩලයෙන් නොව ජනතා මතය අනුව බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසනවා. ඔහු මේ බව සදහන් කළේ හම්බන්තොට පැවති ජනහමුවකට එක්වෙමින්.

කෙසේවෙතත් අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල පැවසුවේ යෝජිත නව පෙරමුණේ නායකයත්වය එක්සත් ජාතික පක්‍ෂයට හිමිවන බැවින් එම පක්‍ෂයේ නායකයාට  ඕනෑම යෝජනාවක් ප‍්‍රතික්‍ෂේප කිරීමට නිෂේද බලයක් හිමිවන බවයි. 

ජනාධිපති ධූර අපේක්‍ෂකයා පිළිබද එක්සත් ජාතික පක්‍ෂය තුළ පවතින විවිධ මත සම්බන්ධයෙන් අමාත්‍ය කබීර් හෂීම් මෙලෙස අදහස් පළ කළා. ඒ, කෑගල්ල ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.