Monday, May 6, 2024

General line - 0115112241

මෙවර උසස් පෙළට සහ ශිෂ්‍යත්වයට අපේක්‍ෂකයින් ලක්‍ෂ 6 ක්




මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් තුන් ලක්ෂ තිස්හත් දහස් හත්සීය හතර දෙනෙකු පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් එක්ලක්ෂ අනූ අටදහස් දෙසීය විසි නවයක් පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්. මධ්‍යස්ථාන දෙදහස් හයසීය හැත්ත අටකදී විභාගය ආරම්භ වන්නේ අගෝස්තු මස පස්වනදායී. එය අගෝස්තු 31වනදා දක්වා පැවැත්වෙනවා. 

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් තුන්ලක්ෂ තිස්නවදහස් තුන්සීය හැට නවදෙනෙකු පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. විභාග මධ්‍යස්ථාන දෙදහස් නවසීය අනූ පහකදී මෙවර ශීෂ්‍යත්ව විභාගය අගෝස්තු 04වනදා පැවැත්වෙනවා.