Wednesday, May 8, 2024

General line - 0115112241

ඉදිරි ජනාධිපතිවරණයේදී එජාපයට සහාය දෙන්න එජනිසෙන් ආපු පිරිස තීරණය කරයි

දිල්ශාන් තුෂාර




එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට පූර්ණ සහය ලබා දීමට ඉකුත් දා ආණ්ඩුවට එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් තීරණය කර තිබෙනවා.

එලෙස ආණ්ඩුවට සහය පළ කළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් සෙනෙවිරත්න, නෙත් නිවුස් වෙත කියා සිටියේ තම කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය හා එක්ව එළඹෙන ජනාධිපතිවරණයේදී කටයුතු කරන බවයි.

විජිත් විජයමුණි ද සොයිසා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඉන්දික බණ්ඩාරනායක මෙන්ම ඒ. එච්. එම්. ෆවුසි ද මෙම මන්තී‍්‍රවරුන් අතරට අයත්.