Tuesday, May 7, 2024

General line - 0115112241

යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨයින් 10 දෙනෙකුගේ නම් ලයිස්තුවක් ආරක්ෂක ලේකම් අතට

හේමන්ත කහවලගේ




යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව සිටින පළමු දස දෙනාගේ නම් ලැයිස්තුවක් ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ විසින් යුද හමුදාවෙන් ඉල්ලා තිබෙනවා. 

යුද හමුදාපති ලුත්තන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ධූර කාලය ලබන 18 වැනිදා අවසන් වීමට නියමිතයි.

ඒ අනුවයි මෙම ධූර සඳහා සුදුසු පුද්ගලයින් කවුරුන්ද යන්න තෝරා ගැනීමට ආරක්ෂක ලේකම්වරයා මෙලෙස යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨයින්ගේ නම් ලැයිස්තුව ඉල්ලා ඇත්තේ. 

එම නම් ලැයිස්තුව මේ වනවිට ආරක්ෂක ලේකම්වරයා වෙත ලැබී තිබෙනවා.  යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා,  මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, මේජර් ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේ, මේජර් ජනරාල් නිර්මාල් ධර්මරත්න යන යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඒ අතරට අයත්.