Tuesday, May 7, 2024

General line - 0115112241

ජනාධිපති අපේක්ෂකත්වය ගන්න හදන එජාපයේ 05 දෙනා ගැන පොහොට්ටුවේ වේදිකාවේදී හෙළි කරයි

කමල් සුරවීර




එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුධ උග‍්‍ර වීම හේතුවෙන් ආණ්ඩුව සමග එක්ව සිටින පක්ෂ කිහිපයක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ මහනුවර වත්තේගම ප‍්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින්.

එහිදී "ආණ්ඩුව ඇතුළේ ඉන්න පක්ෂ දන්නවා ජනාධිපති මැතිවරණය දිනන්නේ කවුද කියලා. ඒ නිසා එයාලා ලෑස්ති නෑ එජාපයට කඩේ යන්න. ආණ්ඩුවත් එක්ක එන සියලු පක්ෂ අපි එක්කත් සාකච්ඡා කරනවා..  එජාපය ඇතුළේ අද ලොකු ගැටුමක්.  රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවෙන්න ඇඳුම මහලා ඇඳගන්න බලාගෙන ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයා බාගෙට ඇඳුම ඇඳගෙන ඉන්නේ. කරූ ජයසූරිය මහත්තයා රෑ තිස්සේ පාර්ලිමේන්තුව පිටිපස්සේ ෆොටෝ ගහනවා. චම්පික රණවක කෝටි ගාණක් වියදම් කරලා මොකක්ද නමක් හදාගෙන යනවා. ෆොන්සේකා මහත්තයා කියනවා..මට දෙන්න මට විතරයි පුඵවන් කියලා. පස් දෙනෙක් එජාපයේ වේදිකාවේ ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තු වෙනවා. පහෙන් එක්කෙනෙකුට දුන්නොත් හතර දෙනෙක් ඔහු පරද්දන්න වැඩ කරනවා." යනුවෙන්ද සඳහන් කළා.