Sunday, May 5, 2024

General line - 0115112241

ඉංදි රාජා අසනීපෙන් - 'වාසනා' කරඬුව වැඩම කරවයි 

හේරත් ඒකනායක




මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර ඊයේ (05) රාත්‍රී  7 පසු වී මිනිත්තු 02 ට දකුණු දිසාව බලා ගමන් ආරම්භ කළා.

දළදා පෙරහැරේ කරඬුව වැඩම කිරීම දළදා මාළිගා ඇත් පත්තියේ වාසනා හස්තියා විසින් සිදු කළා. දළදා පෙරහැරේ කරඬුව වැඩම කරවීම ඉංදි රාජා විසින් සිදු කිරීමට නියමිතව තිබුණ් ඉන්දි රාජාට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙලෙස වෙනස් කර තිබෙනවා. 

දෑල ඇතුන් ලෙස දළදා මාලිගා ඇත් පන්තියේ බුරුම රාජා හා මියන් රාජා හස්තියන් ගමන් කළා.

පෙරහැර දැක බලා ගැනීම සඳහා දෙස් විදෙස් විශාල පිරිසක් මහනුවරට පැමිණ සිටියා. පෙරහැර සඳහා දැඩි ආරක්ෂිත වැඩපිළිවෙලක් ද යොදා තිබූ බවයි nethnews.lk වාර්තාකරුවන් සඳහන් කළේ.