Sunday, May 5, 2024

General line - 0115112241

වතුර බෝතල්වල මූඩියේ වැස්ම සහ ලා නිල් පැහැය තහනම් කිරීමට යයි




පානීය ජල බෝතල්වල මූඩියේ ඇති පොලිතීන් අසුරණය තහනම් කර නියෝගයක් පැනවීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම සඳහන් කළේ මෙම පොලිතීන් අසුරණය හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවන බවයි.

ලා නිල් පැහැති සහ වර්ණ ගැන්වූ පානීය ජල බෝතල් වෙළඳපලෙන් ඉවත් කිරීමට ද පියවර ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. 

දැඩි ආන්දෝලනයට තුඩු දුන් එංගලන්තයෙන් මෙරටට ගෙන්වූ කසල සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළා. ඔහු කියා සිටියේ එංගලන්තයෙන් අපද්‍රව්‍ය මෙරටට රැගෙන ආ සමාගමට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවයි. 

කෙසේවෙතත්, සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ලේකම් ජේ. ඒ. ගුණතිලක කියා සිටියේ එංගලන්තයේ සිට ශ‍්‍රී ලංකාවට වරින් වර ගෙන්වා ඇති අපද්‍රව්‍ය අඩංගු බහාලුම්වලින් 130ක් වරායෙන් මුදාගෙන ගොස් ඇතැයි තොරතුරු හෙළි වී තිබෙන බවයි. අපද්‍රව්‍ය අඩංගු එවැනි බහාලුම් 111ක් තවදුරටත් වරායේ රඳවා ගෙන ඇති බව ද වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.