Sunday, May 5, 2024

General line - 0115112241

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරණ සිසුන්ට එන් වී කියුව් සිව්වන මට්ටමේ වෘත්තීය පුහුණුව




උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරණ සිසුන්ට රැකියාගත වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ, ශී‍්‍ර ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනයේද සහාය ඇතිවයි.

වෘත්තීය විෂය ධාරාව හදාරණ මෙම සිසුන් සඳහා එම වැඩසටහන යටතේ එන් වී කියුව් සිව්වන මට්ටමේ වෘත්තීය පුහුණුව ලබාදීමට එම ආයතනය එකඟතාව පළ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.