Sunday, April 28, 2024

General line - 0115112241

දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීමෙන් දුම්රිය ප්‍රමාදයක්




කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද වීමක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනවා.

අධික සුළං තත්ත්වය හේතුවෙන් දුම්රිය මාර්ගයට ගස් කඩා වැටී ඇති අතර මේ නිසා දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි සඳහන් කළේ.

මීගොඩ සහ ගොඩගම යන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට මෙලෙස ගස් කඩා වැටී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.