Sunday, April 28, 2024

General line - 0115112241

ගෝඨා හමුවූ කබීර් එජාප කමිටු රැස්වීමේදී පැහැදිළි කරයි

දිල්ශාන් තුෂාර




කබීර් හෂීම් හෝ සාගල රත්නායක යන අමාත්‍යවරුන් එක්සත් ජාතික පක්ෂයට ද්‍රෝහිවනු ඇතැයි තමන් කිසි විටෙකත් විශ්වාස නොකරන බව අමාත්‍ය දයා ගමගේ පවසනවා.

කබීර් හෂීම් සහ සාගල රත්නායක යන අමාත්‍යවරුන් දෙදෙනා රහසිගතව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකදී චෝදනා එල්ල කළා.

එහිදී රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා කියා සිටියේ අදාළ අමාත්‍යවරුන් දෙදෙනාගේ ක‍්‍රියා කලාපය එක්සත් ජාතික පක්ෂයට ද්‍රෝහිවීමක් බවයි.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් අමාත්‍ය දයා ගමගේගෙන් කළ කරුණු විමසීමකට ඔහු ප‍්‍රතිචාර දක්වමින් මේ බව සඳහන් කළා.

එහිදී "කබීර් මැතිතුමා අසනීප වූ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔහුව බලන්න ඇවිත් තියෙනවා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අසනීප වී පැමිණි නිසා කබීර් මැතිතුමාට අවස්ථාවක් හමුවෙච්ච වෙලාවේ ඔහුව බලන්න ගිහින්." යනුවෙන් සඳහන් කළා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ.