Friday, May 10, 2024

General line - 0115112241

ජනපතිවරයා පත් කළ කමිටුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියට

නිශාන් ද සිල්වා




පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබද සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ ති‍්‍රපුද්ගල කොමිසමේ සාමාජිකයින්ගෙන් එකවර සාක්‍ෂි විමසීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමුවී තිබෙනවා. 

ඒ අනුව එම කොමිසමේ සාමාජිකයින් වන සභාපති, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන පත්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන්ගෙන් එකවර සාක්‍ෂි විමසනු ඇති. මීට පෙර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් එම කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුගෙන් වෙන් වෙන්ව සාක්‍ෂි විමසනු ලැබුවා. 

එම සාමාජිකයින් කළ ඉල්ලීමක් අනුව ඔවුන්ගෙන් එකවර සාක්‍ෂි විමසීමටයිි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර ඇත්තේ. ඒ අනුව ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ ති‍්‍රපුද්ගල කොමිසමේ සාමාජිකයින් ලබන 20 වනදා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවීමේ පෙනී සිටීමට නියමිතයි. 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද ඉකුත් අගහරුවාදා පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබද සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටියා.