Friday, May 10, 2024

General line - 0115112241

දුෂණ චෝදනා නොමැති ඕනෑම පක්ෂයකට අපි විවෘතයි : පොහොට්ටුවේ සභාපති කියයි 

දිල්ශාන් තුෂාර




දූෂණ සහ අක්‍රමිකතා එල්ල වී නොමැති ඕනෑම පක්ෂයක සාමාජිකයෙකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විවෘත බව එහි සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. ඔහු ඒ පිළිබද මෙලෙස කරුණු දැක්වූවා.

එන ඕනෑම කෙනෙක් භාර ගන්නවා විශේෂ හේතුවක් නොමැතිනම්, එහෙම දේශපාලනය කරන්න බැහැනේ. 11 වෙනිදට මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ නායකත්වයට පත්වෙනවා. ඉන් පසුව එතුමා විසින් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද කියලා රටට හඳුන්වා දෙනවා, පොදුජන පෙරමුණේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අනිද්දා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනයට එක්සත් ජාතික පක්‍ෂ විරෝධී සියළු බලවේගවලට එක්වන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.

මුල ඉදලම ඒකාබද්ධ විපක්ෂය සමග සමීපව කටයුතු කළා සියලුම පක්ෂ. එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ සියලුම පක්ෂ වලට අගෝස්තු 11 වෙනිදා පැවැත්වෙන මහ සම්මේලනයට එක්වෙන්න කියලා අපි ආරාධනා කරනවා යැයි හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කර සිටියා.