Sunday, April 28, 2024

General line - 0115112241

ඉන්ධන පිරවුම්හලට පැමිණි කොල්ලකරුවන් සේවකයෙකුට වෙඩි තබා ඝාතනය කරයි




ගිනිඅවි රැගෙන අංක තහඩු රහිත යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අද (11) අලුයම් කාලයේ පොල්ගහවෙල කහවත්තේඇළ ප‍්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් කොල්ල කා පළා ගොස් තිබෙනවා.

කොල්ලකරුවන් ජැකට් සහ හිස්වැසුම් ද පැළඳ පැමිණ ඇති බවයි පොලීසිය පැවසුවේ. සැකකරුවන් විසින් ඉන්ධන හලේ සේවකයෙකුට වෙඩි තැබීමක් ද සිදු කර ඇති අතර තුවාල ලැබූ එම සේවකයා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අරණායක, දෙයියංවල, හීන්නේහේන ප‍්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරුවන් විසින් කොල්ලකන ලද මුදල් ප‍්‍රමාණය කොපමණද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොල්ගහවෙල පොලීසිය මගින් පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.