Monday, April 29, 2024

General line - 0115112241

රුපියල් මිලියන 50ක හිඟ බිල්පත් පාර්ලිමේන්තුවේ ගොඩ ගැසේ

හේමන්ත කහවලගේ




ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රුපියල් මිලියන 50ක හිඟ බිල් ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

පාර්ලිමේන්තුවේ කටයුතු සහ මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් මිලදී ගත් ලිපි ද්‍රව්‍ය, ආහාර පාන, ඉන්ධන, පාර්ලිමේන්තුවේ සහ මන්ත‍්‍රී නිවාසයන්හි විදුලි පද්ධති නඩත්තු කිරීම් සහ මන්ත‍්‍රී නිවාසවල මල අපවහන කටයුතු වෙනුවෙන් කළ යුතු ගෙවීම් සඳහා මෙම හිඟ බිල් පවතින බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.

පාර්ලිමේන්තුව වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් මාසිකව රුපියල් මිලියන 70ක් වියදම් සඳහා ලබාදිය යුතු වනවා. එම මුදල් නිසි වේලාවට නොලැබීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මෙලෙස හිඟ බිල් එකතු වී ඇති බවයි නෙත් නිවුස් කළ සොයාබැලීමේදී දැනගන්නට ලැබුණේ.