Wednesday, May 8, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව නැවතත් පාකිස්තානයේ සංචාරයක

කසුන් කැලුම්




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පකිස්තානයේදී එක්දින තරග 03කට සහභාගී වීම පිළිබඳ මේවනවිට අවධානය යොමුවී ඇතැයි කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා. මීට පෙර සැලසුම් කර තිබුණේ ශ‍්‍රී ලංකා කණ්ඩායම, පකිස්තානයේදී ටෙස්ට් තරග 02 ක් සඳහා කී‍්‍රඩා කිරීමටයි. මේ සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මෙලෙස අදහස් පළ කළා.

මේ අතර ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ සභාපති ශෂන්ක් මනෝහර් ඊයේ (21) රාති‍්‍රයේ දිවයිනට පැමිණියා. සිව් දින නිලසංචාරයක් සඳහා මෙරටට පැමිණි ඔහු කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු, ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සභාපති ශම්මි සිල්වා සහ කි‍්‍රකට් විධායක කමිටුව සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ සභාපතිවරයා සිය ශ‍්‍රී ලංකා සංචාරයේදී සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ පී සරා ඕවල් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ද නැරඹීමට නියමිත බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ.  

මේ අතර සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. වර්ෂාව හේතුවෙන් ඊයේ තරගය නතර කරන විට සිය පළමු ඉණිම වෙනුවෙන් ශ‍්‍රී ලංකාව කඩුලූ 02කට ලකුණු 85ක් රැස්කරගෙන සිටියා.