Sunday, May 5, 2024

General line - 0115112241

"සජිත්ට ඇති ඉඩකඩ සීමිතයි" : පොහොට්ටුවේ මන්ත්‍රිවරයෙක් ගෙන් ප්‍රකාශයක්

ප්‍රගීත් ජානක / සුනිල් හරිස්චන්ද්‍ර




එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලැබීමට ඇති ඉඩකඩ ඉතා අවම බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසනවා. ඒ, ඇඹිලිපිටියේ අද (25) පැවති මාධ්‍ය හමුවකදීයි.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේ සිය ජනාධිපති අපේක්ෂකයා ඉදිරි සති කිහිපයේදී ප්‍රකාශයට පත් කරන බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.