Sunday, May 5, 2024

General line - 0115112241

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනෙකු වහළයට නගී

නිශාන් ද සිල්වා




වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ සිරකරුවන් දෙදෙනෙකු වහළයට නැග විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. මෙම සිරකරුවන් මත්ද්‍රව්‍ය චෝදනා මත සිර දඬුවම් විඳින දෙදෙනෙක්.

බන්ධනාගාරය තුළ සිදු කිරීමට පැවරෙන විවිධ වැඩ කටයුතු මෙම සිරකරුවන් දෙදෙනා මග හැර ඇති අතර ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් ඔවුන්ට අවවාද කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් අද (25) මෙලෙස වහළයට නැග විරෝධතා ආරම්භ කර ඇත්තේ තමන්ට බන්ධනාගාරය තුළ සිදු කිරීමට පැවරෙන එම කටයුතුවලට විරෝධය පළ කරමින්.