Saturday, May 4, 2024

General line - 0115112241

ටෙස්ට් පිටියේ බෙන් ස්ටෝක්ගේ සුපිරි ඉනිමෙන් එක්දින ලෝක කුසලානය යළි මතකයට

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




කි‍්‍රකට් කී‍්‍රඩාවට සුවිශේෂී මතකයක් ඉතිරි කළ ඉකුත් ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගය සිහිගැන්වූ තවත් උණුසුම් තරගයක් ඊයේ (25) පැවැත්වුණා.

ඒ, අළු බඳුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය යටතේ එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව අතරයි. එක්දින අවසන් මහා තරගයේදී මෙන් මෙම තරගයේදී ද විශිෂ්ට ඉනිමක් කී‍්‍රඩා කළ බෙන් ස්ටොක් එංගලන්තයට එක් කඩුල්ලක තියුණු ජයක් අත්කර දුන්නා. 

තරගයේ් ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියාව ලකුණු 179 ක් රැස් කළ අතර එංගලන්ත පළමු ඉනිම ලකුණු 67 කට සීමා වුණා. ඕස්ටේ‍්‍රලියාව දෙවන ඉනිමට ලකුණු 246 ක් රැස් කළ අතර තරගයේ ජය සඳහා එංගලන්තයට හිමි වූ ඉලක්කය ලකුණු 359 ක්.

එංගලන්ත ඉනිමේ කඩුලූ 09 ක් ලකුණු 286 ක් තුළ බිඳ වැටුණු අවස්ථාවේ බෙන් ස්ටොක් සමග පිටියේ එක් වූ ජැක් ලීච්, එංගලන්තය ජයග‍්‍රහණය සඳහා රැගෙන ගියා. ඒ, අවසන් කඩුල්ලට ලකුණු  76 ක නොබිඳුණු සබඳතාවක් ගොඩ නගමින්.

එහිදී ජැක් ලීච් රැස් කළේ එක් ලකුණක් පමණයි. එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් වේගවත් මෙන්ම විශිෂ්ට ඉනිමක් කී‍්‍රඩා කළ බෙන් ස්ටොක් නොදැවී ලකුණු 135 ක් රැස් කළා. ඊට 06යේ පහර 08 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත්.

එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේදී නවසීලන්තයට අවාසනාව පැමිණියා සේ, මෙම තරගයේ්දී  ඕස්ටේ‍්‍රලියාව ද අවාසනාවන්ත සිද්ධීන් කිහිපයකට මුහුණ දුන්නා. 

තරගය ජය ගැනීමට එංගලන්තයට ලකුණු 02 ක් ඉතිරිව තිබියදී ලැබුණු පහසු දුවද්දී දවා ගැනීමේ අවස්ථාවක් ඕස්ටේ‍්‍රලියාවෙන් ගිලිහී ගිය අතර ඊළග පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගැනීමේ අවස්ථාවක් ද ගිලිහී ගියා.

ඒ, ප‍්‍රධාන විනිසුරු තීරණ යළි විමසීමේ අවස්ථා ඒ වනවිටත් ඕස්ටේ‍්‍රලියාව සතුව ඉතිරි වී නොතිබීම හේතුවෙන්. පසු පුනරූපනයේදී දැකගත හැකි වූයේ එය දැවී ගිය අවස්ථාවක් ලෙසයි.

කෙසේවෙතත්, මෙම වාර්තාගත ජයග‍්‍රහණයත් සමග අළු බඳුන ටෙස්ට් තරගාවලිය 01 ට 01 ක් ලෙස සම වුණා.

මේ අතර ශී‍්‍ර ලංකා - නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ තීරණාත්මක අවසන් දිනය ද අදයි. ඊයේ දිනය නිමා වනවිට නවසීලන්ත පිළ කඩුලූ 05 ක් දැවී ලකුණු 382 ක් රැස්කරගෙන සිටියා.

ශී‍්‍ර ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 244 ක් රැස් කළා. ඒ අනුව නවසීලන්තය, ශී‍්‍ර ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 138 ක් ඉදිරියෙන් සිටිනවා. ඒ, තවත් කඩුලූ 05 ක් ද අතැතිවයි.