Saturday, May 4, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිතිකරුවන් දැඩි පීඩනයක

තරංග රුක්ෂාන්




සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන ඉනිමේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්ත්වයකට පත්ව සිටිනවා.

ඒ දෙවන ඉනිමේ කඩුළු 03 ක් ලකුණු 11 ක් තුළ බිඳ වැටීමත් සමගයි.

ලහිරු තිරිමාන්න සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු නොලබා දැවී ගිය අතර ඇන්ජලෝ මැතිව්ස්ට රැස් කර ගත හැකිවූයේ ලකුණු 07 ක් පමණයි.

ආබාධයකට ලක්වීම හේතුවෙන් නායක දිමුත් කරුණාරත්න ශ‍්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසියේ නැහැ.

ඔහු මෙන්ම නිරෝෂන් දික්වැල්ල ද ඊයේ (25) දිනයේ පන්දු රැකීම සඳහා පිටියට නොපැමිණි අතර දික්වැල්ල ද ආබාධයකට ලක්ව ඇති බවටයි වාර්තා වන්නේ. දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ‍්‍රී ලංකා පිළ දිවා ආහාරයට තරගය නතර කරන විට කඩුළු 05 ක් දැවී ලකුණු 33 ක් රැස් කර ගෙන සිටියා. 

ඊයේ රාති‍්‍රයේ ඇද හැලූනු වර්ෂාව හේතුවෙන් අද දිනයේ් තරගයේ ආරම්භය ප‍්‍රමාද වුණා. කෙසේවෙතත්, තරගය ආරම්භ වූ සැනින් ඊයේ දිනයේ වේගවත් ඉනිමක් කී‍්‍රඩා කරමින් සිටි කොලින් ඞී ග‍්‍රෑන්ඞ්හෝම් ලකුණු 83 කට දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත්වුණා.

දක්ෂ පිතිහරඹයක නිරත වන බ‍්‍රැඞ්ලි වොට්ලින් නොදැවී ලකුණු 105 ක් රැස් කළා. කඩුළු 06 කට ලකුණු 431 ක් රැස් කර ගෙන සිටියදී නවසීලන්තය මීට නොබෝ වේලාවකට පෙර සිය පළමු ඉනිම අත්හිටවූවා.