Saturday, May 4, 2024

General line - 0115112241

පලෙයි වෛද්‍යවරයාගේ ප්‍රකාශ මත සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට




යුධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදුන් පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සින්නයියා සිවරූබන් ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී හෙළිවූ කරුණු අනුව සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සින්නමනි තනේශ්වරන්, ඉරත්තිනම් ක්‍රිෂ්නරාසා, මෝහනසුන්දරම් සිත්නතුර සහ විනයාගමුර්ති නෙජිලන් යන සිව්දෙනා යාපනය ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ නිලධාරීන් කණ්ඩායමක් යාපනය වෙත ගොස් ඇත. 

එහිදී සිදුකරනු ලැබූ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී හෙළිවූ කරුණු අනුව සිදුකරන ලද මෙහෙයුම් වලදී ගිණි අවි, පුපුරණ ද්‍රව්‍ය සහ අත්බෝම්බ කිහිපයක් සොයා ගෙන ඇත. 

ඒ අනුව සිදුකරන ලද වැඩිදුර විමර්ශන වලදී හෙළිවූ කරුණු මත ටී. නිමලරාජ සහ රූබන් ජතුසන් නම් සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (28) දින අත්අඩංගුවට ගැනීමට පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් කටයුතු කර ඇත. 

පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම් හමුවේ මේ වන විට සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.